රුසියාව එල්ල කළ ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ යුද සටනේ නිරතව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලෙකු ලෙස කටයුතු කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගොස් ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව තුර්කියේ ඇන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව නිවේදනය කර ඇති අතර රුසියානු කාලතුවක්කු ප්‍රහාර හමුවේ කපිතාන් රනිෂ් හේවගේ මියගොස් ඇති බවයි වාර්තා කර ඇත්තේ.
ඔහු යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ ලියාපදිංචි හමුදා වෘත්තිකයෙකු වනවා.
කපිතාන් රනිෂ් හේවගේ වසර 12ක කාලයක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කර ඇති බව සඳහන්.
2022 සැප්තැම්බර් මාසයේදී ඔහු නීත්‍යානුකූලව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්ව ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් රුසියානු ප්‍රහාර හමුවේ මියගොස් ඇති බව කියන අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

































Discussion about this post