තුන් හැවිරිදි නිවුන් දරුවන් ඇතුළු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු හමාස් සංවිධානය විසින් ඊයේ (27) රාත්‍රියේ නිදහස් කෙරුණා
ඒ අනුව මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 50 ඉක්මවා ගිය බවයි වාර්තාවල දැක්වුණේ
නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් වෙනුවට, පලස්තීනුවන් 33 දෙනෙකු ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කර ඇති බවද සඳහන්
වාර්තාවල දැක්වෙන පරිදි එලෙස නිදහස් කර ඇත්තේ ළමුන් 30 ක් සහ කාන්තාවන් තිදෙනෙක්.
දින හතරක සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර ඊශ්‍රායලය සහ හමාස් දෙදින දීර්ඝ කිරීමට එකඟ වී ඇති බවද කටාර් රාජ්‍යය ප්‍රකාශ කළා





























Discussion about this post