ප්‍රතිභාපුර්ණ කළා ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඔහුගේ එකම දියණිය වන මාධවී සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් සංවේදීව කවියෙන් අදහස් පළ කරලා තිබුණා.
මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේ
මේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේ
අන විනේ කොයිබදැයි නොදන්නා හේඩාවේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ
හැන්දෑව පුරන්නට ඉර යන්ට ඕනේ නෑ
මද්දහනත් අන්ධයි හිත ඇතුලේ මගේ
කලිකාල පහු කරං මං එන්නෙ මේ පාරේ
උඹෙ පියවර පස්සෙන්මයි සංසාරේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ..


































Discussion about this post