අන්තර් විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් ඊයේ තමන්ගේ ගැටළු කිහිපයකට පිළිතුරු අපේක්ෂාවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගමන්කිරීමට උත්සහ කළා.
නමුත් ඔවුන්ට සිදු වුනේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ නැවත හැරී යාමටයි.
අදාල සිසුන් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ, තමන් නිදහස්ව සහ සාමකාමීව UGC පරිශ්‍රය වෙත ගමන් කිරීමට උත්සහ කළ අතර පොලිසිය අමානුෂික ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවයි.
එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරින් සතුව පොලු තිබුණු බවට ප්‍රකාශ කළ සිසුන් ඔවුන්ගෙන් විමසා සිටියේ කිසිම ආයුධයක් අතේ නොමැතිව එතැනට පැමිණ සිටි සිසුන් බලන්නට පොලු අරන් ආවේ වී කොටන්නටද යනුවෙනි.






























Discussion about this post