ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම කප්පම් නඩුවේ මුදල් සෙවීමේ විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දිල්ලි අධිකරණයට ගොනු කරන ලද පරිපූරක චෝදනා පත්‍රයේ ඇය ව ද විත්තිකරුවෙකු ලෙස නම් කර තිබුණා.
ඒ අදාළ චෝදනාව ලැබ සිටින, සුකේෂ් චන්ද්‍රසේකර් විසින් නිලි ජැකලින් ෆර්නැන්ඩස් වෙත ඉන්දීය රුපියල් කෝටි 5.71ක වටිනාකමකින් යුතු විවිධ තෑගිබෝග ලබා දී ඇති බව සඳහන් කරමින් ඇයව මෙම කප්පම් නඩුවේ චූදිතයෙක් ලෙස නම් කර තිබෙනවා.





























Discussion about this post