පසුගිය 09 වනදා ජනාධිපති මන්දිරයට හා පරිපාලන මධ්‍යස්ථානවල තිබී හඳුනාගත් ඇඟිලි සලකුණු සටහන් ගුවන්තොටුපල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම ඇඟිලි සලකුණු හිමි පුද්ගලයටන්ට මෙරටින් පිටව යාමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.
පසුගිය 09වෙනිදා ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සැකකරුවන් අතර ජනපති මන්දිරයේ විදුලි ස්ත්‍රික්කය සොරා ගත් සැකකරුවෙක්ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
කොටුව පොලිසිය විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර , ඔහු කොළඹ 13 අන්දුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.






























Discussion about this post